“ගොනාකෝවිලේ රොහා” මරා දැමීමේ සතුටට සාද පැවැත්වූ “ගොනාකෝවිලේ අංජු”ගේ සොයුරිය අත්අඩංගුවට

“ගොනාකෝවිලේ රොහා” නැමැති පාතාල කල්ලි සාමාජිකයා පොලිස් වෙඩිපහරින් මිය යාමත් සමග ඒ පිළිඹදව සිය සතුට පළ කරමින් සාදයක් සංවිධාන කළ ප්‍රතිවිරුද්ධ පාර්ශවය වන “ගොනාකෝවිලේ අංජු” ගේ සොහොයුරිය ඇතුලු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට තිබේ.

ගොනාකෝවිලේ රොහා ඝාතනය කිරීම සදහා ගොනාකෝවිලේ අංජු විසින් කෝටි 5ක විවෘත ලන්සුවක් තබා තිබූ බවත්, රොහාව ඝාතනය කරන ඕනෑම කෙනෙක්ට රුපියල් කෝටි 3ක් දෙන බවත් අංජු මීට පෙර සඳහන් කර තිබුණු බව වාර්තා වී තිබුණා.

රටින් පැන යාමට සුදානමින් සිටියදී ඝාතනයට ලක්වූ ගොනා කෝවිලේ රොහාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ කල්ලි නායකයා කුඩු අංජු ඉතාලියේ සිට සිය සතුට පළ කරමින් ෆේස්බුක් සටහන්ද තබා තිබුණා. එමෙන්ම මිය ගිය රොහාගේ අවසන් කටයුතුවලට සහභාගී වන සියල්ලන්ව මරා දමන බවටත්, රොහාගේ මළ සිරුර රැගෙන නොඑන ලෙස මෙන්ම රෝහලේදී අවසන් කටයුතු කළ යුතු බවටත් අංජු සිය ෆේස්බුක් ඔස්සේ සඳහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *