මහින්ද සහ මෝදි අද අන්තර්ජාලයෙන් මුණගැසේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ අද පැවැත්වෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

මෙම හමුව සංවිධානය කර ඇත්තේ දෙපාර්ශවය අතර පසුගිය අගෝස්තු 06 වනදා පැවති දුරකථන සංවාදයකින් අනතුරුවයි. මෙම සාකච්ඡාවේදී ඉන්දු ශ්‍රී ලංකා දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධන, අධ්‍යාපන, සංස්කෘතික, සංචාරක ක්ෂේත්‍ර සහ ආරක්ෂක සබඳතා පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත අතර අදාළ ක්ෂේත්‍රවලට සම්බන්ධ විශය භාර අමාත්‍යවරුන්ද මෙම අන්තර්ජාල හමුවට සහභාගීවීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

පසුගිය මාසයේදී නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විදේශීය රාජ්‍ය නායකයෙකු සමග පවත්වන පළමු නිල හමුවද මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *