තැපැල් ඡන්දය අප්‍රේල් 6, 8 සහ 9 වැනිදා

ඉදිරි මහා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් මස 6, 8 සහ 9 යන දින තුනේ පැවැත්වෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කරයි. රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය මාර්තු 16වෙනි දා අවසන් වීමට නියමිතව ඇත. තැපැල් ඡන්ද අයදුම් කරනුයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහාය. ලබන 16 වෙනිදායින් පසු තැපැල් ඡන්ද ඉල්ලුම්කර ඇති අයැදුම්පත් පරීක්ෂාකර බලා තැපැල් ඡන්දය ලබාදීමට සුදුසු රාජ්‍ය සේවකයින් ලැයිස්තු ගත කෙරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේ කාලය මෙවර කිසිසේත්ම දීර්ඝ නොකිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. ඊට මුල්වී ඇත්තේ දීර්ඝ නිවාඩුවක් මැතිවරණ කාල සීමාවේ ඇති බැවින් බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *