Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

භාණ්ඩ හිඟයක් නෑ, අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා – හමුදාපති

භාණ්ඩ හිඟයක් නෑ, අනවශ්‍ය බියක් ඇතිකරගන්න එපා – හමුදාපති

භාණ්ඩ හිඟයක් ඇතිවන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත්, එකවර වෙළඳසැල්වලට ගොස් විශාල භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගැනීම හරහා භාණ්ඩ හිඟයක් ඇතිවිය හැකි බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ පිළිඹද වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා මෙසේද පවසා සිටියේය,

“මහජනතාව සුපිරි වෙළෙඳසල්වලට හෝ කඩවලට ගොස් අනවශ්‍ය විදියට විශාල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීම සිදු කරමින් තිබෙන බවට ඊයේ වාර්තා වුණා. එකවර විශාල පිරිසක් භාණ්ඩ මිලදී ගැනීම හරහා සුපිරි වෙළඳසල් හා වෙළෙඳසල්වල භාණ්ඩ අවසන් වෙනවා. එතකොට හිතනවා බඩු හිඟයක් එනවා කියල. සුපිරි වෙළෙඳසල්වල හා වෙළෙඳසල්වල තියෙන්නේ දවසකට දෙකකට අවශ්‍ය වෙන භාණ්ඩ. මෙය අනවශ්‍ය තැතිගැන්වීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට දැන්වුවා. එහෙම භාණ්ඩ හිඟයක් ඇතිවෙන්න හේතුවක් නැහැ. අනවශ්‍ය බියක් ඇති කරගෙන විශාල ලෙස භාණ්ඩ මිලදී ගැනීමට කලබල වෙන්න එපා. එහෙම යම් කිසි හදිසි තත්ත්වයක් තියෙනවා නම් රජය විසින් දැනුම් දෙනවා”

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *