තවත් කොරෝනා රෝගීන් 6ක් මෙරටින් වාර්තා වෙයි

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි හයදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳූනාගෙන තිබේ.

ඔවුන් අතර ඉරානයේ සිට පැමිණි දෙදෙනෙකු, කටාර් සිට පැමිණි දෙදෙනෙකු සහ කුවෙට් සිට පැමිණි දෙදෙනෙකු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව මෙරටදී මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ථ කොවිඞ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,333 ක්.

178 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ ගණන 3,142 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *