අපක්ෂපාතීව රාජකාරිය කරන පොලිස්පතිවරයකු සිටීනම් පොලිස් කොමිසමක් අනවශ්‍යයි – වැඩ බලන පොලිස්පති

අපක්ෂපාතීව රාජකාරී කටයුතු සිදු කරන පොලිස්පතිවරයකු සිටී නම් පොලිස් කොමිසමක් අනවශ්‍ය බව වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ජනාධිපති කොමිසම හමුවේ පවරා ඇති පැමිණිල්ලේ සාකෂි ලබා දීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (24) දිනයේ පැමිණි අවස්ථාවේදීයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පොලිස් කොමිසම මඟින් පොලිස්පතිවරයාගේ බලතල දුර්වල කිරීමක් කරන බවත්, පොලිස් කොමිසමක් පොලිසියේ එදිනෙදා පරිපාලන කටයුතුවලට ඇඟිලි ගැසීම් නොකළ යුතු බවත්ය.

තවද, පොලිස් කොමිසමකින් සිදු විය යුත්තේ පොලිස්පතිවරයා හා එක්ව යහපත් පොලීසියක් නිර්මාණයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බවද ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *