ජී එල් පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) සභාපති ධූරයෙන් මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉවත් කිරීමට එම පක්ෂයේ විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගත් බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේ.

ජී එල් පීරිස් මන්ත්‍රීවරයාට පසුගියදා රැස්වීමකට සහභාගි වන ලෙස ලිඛිතව ආරාධනා කළද ඔහු එම රැස්වීමට සහභාගි නොවූ බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි සතියේදී පක්ෂයේ විධායක සභාව රැස්වී නව සභාපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *