Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කල්පිටියේදී නීතිවිරෝධී භාණ්ඩ තොගයක් අත්අඩංගුවට…

නාවික හමුදාව විසින් 2023 මාර්තු මස 03 වන දින සවස කල්පිටිය, මොහොත්තුවරම් වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැක කෙරෙන නීති විරෝධී භාණ්ඩ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව බොහෝ විට දිවයිනේ වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශවල මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදු කරනුයේ මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙන නීති විරෝධී භාණ්ඩ වැළැක්වීම සඳහා ය.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය නෞකාව මාර්තු මස 03 වන දින මොහොත්තුවරම් වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම භීතිය සිදු කර ඇත. ඒ අනුව මෙම මෙහෙයුමේ නිරත වූ නාවික පුද්ගලයින් විසින් මුහුදු වෙරළේ තිබී සැකකටයුතු ඩිංගි යාත්‍රා 02ක් සෝදිසි කිරීමේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන නීති විරෝධී භාණ්ඩ තොගයක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර; වියළි මුහුදු පිපිඤ්ඤා කිලෝ 15 ක්, එනසාල් කිලෝග්‍රෑම් 01 ක්, කරවල කජු 14 ක්, සහල් කිලෝග්‍රෑම් 10 ක්, සීනි කිලෝග්‍රෑම් 248 ක්, තිරිඟු පිටි කිලෝග්‍රෑම් 100 ක්, කරවල කිලෝග්‍රෑම් 03 ක්, කෝපි පැකට් 270 ක්, රූපලාවන්‍ය නිෂ්පාදන ඇසුරුම් 680 ක් සහ සබන් බාර් 2930 ක්.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රා 02 සහ නීති විරෝධී භාණ්ඩ ඉදිරි කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දෙන ලදී.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *