Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොවිඩ් මැඩලීමට ජපන් රජයෙන් රුපියල් මිලියන 1360ක ආධාර මුඳලක්

කොවිඩ් මැඩලීමට ජපන් රජයෙන් රුපියල් මිලියන 1360ක ආධාර මුඳලක්

කොවිඩ් 19 අභියෝගය ජය ගැනීම සඳහා අවශ්‍ය වන නවීන තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1360 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳව ජපාන රජයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

එමෙන්ම කොවිඩ් 19 වෛරසයට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තීකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 03ක මුදලක් යුනිසෙෆ් ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබාදීමටද ජපන් රජය කටයුතු කිරීම සම්බන්ධව කතානායක අබේවර්ධන මහතා සිය ස්තූතිය පළ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 9 වැනි පාර්ලිමේන්තුවට අදාළ නව නිලධාරී මඩුල්ල පත්කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ දී පසුගියදා පැවති රැස්වීමේදී ය.

කතානායකවරයා මුලසුන හෙබවූ මෙම රැස්වීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එයට මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *