Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව තුළ ප්‍රචලිත කිරීමට දකුණු අප්‍රිකාවෙන් සහය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලොව තුළ ප්‍රචලිත කිරීමට දකුණු අප්‍රිකාවෙන් සහය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) පශ්චාත් උපාධි කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සහ එහි ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා දකුණු අප්‍රිකාවේ WITS විශ්වවිද්‍යාලය සමඟ විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්විණ.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. අමරසේකර මහතා හා KDU විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා හා එහි කාර්යය මණ්ඩලය සහ දකුණු අප්‍රිකාවේ WITS විශ්වවිද්‍යාලයේ සේවය කරන විදේශික ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය චන්දිම ගෝමස් මහතා මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ආරම්භක දේශනය පවත්වමින්, විදේශ මුදල් ප්‍රභවයක් ලෙස ජාත්‍යන්තර සිසුන් ආකර්ෂණය කර ගැනීම පිණිස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය සඳහා ජාත්‍යන්තර සබඳතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව මහ කොමසාරිස් එස්. අමරසේකර මැතිතුමා අවධාරණය කළේය. අධ්‍යාපනය හා දැනුම පිළිබඳ කේන්ද්‍රස්ථානයක් ලෙස බිහිවීම සඳහා ශ්‍රී ලංකාව හැකියාව පවතින නමුත්, එය තවමත් විධිමත් අයුරකින් ප්‍රකාශ කර නොමැති බව එතුමා තවදුරටත් අවධාරණය කළේය.

මෙම වටිනා කාර්යයට සහය වීම සඳහා ස්වේච්ඡාවෙන් මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්වූ මහාචාර්ය චන්දිම ගෝමස් මහතාගේ සූදානම පිළිබඳව ප්‍රශංසා කළ මහ කොමසාරිස්වරයා, මහාචාර්ය ගෝමස් මහතා විසින් මේ සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉදිරිපත් කළ යෝජනාව සඳහා KDU හි උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා සහ කාර්ය මණ්ඩලය දැක්වූ උනන්දුව හා උද්‍යෝගය අගය කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *