ජනාධිපති

ජනපති පදවි ප්‍රාප්තියට වසරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසරක් සපිරෙයි.

2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් විය.

අනුරාධපුර රුවන්වැලි මහසෑරඳුන් අභියස දිවුරුම් දී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ එම වසරේ නොවැම්බර් 18 වනදා ය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජාතික ආරක්ෂාව සහ දේශීය චින්තනය මුල්කරගත් ආර්ථිකයක් බිහිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භයේ සිටම කටයුතු කළේය.

සිය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා පළමු පාලන වසර තුළදීම තීන්දු තීරණ රැසක් ගත් ජනාධිපතිවරයා සිය ක්‍රියාවෙන්ද ඊට ආදර්ශයක් ලබාදුන්නේ ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම හා සෞභාග්‍යයේ දැක්ම චින්තනය යටතේ රට සංවර්ධනයකරා ගෙනයාම සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු ජනවරමක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමටද ජනතාව ඉහළ ප්‍රතිචාරයක් දැක්වූයේ පාර්ලිමේන්තු මැතිවරණය බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාදෙමින් ජනාධිපතිවරයාට විශිෂ්ට ජයක් හිමිකරදෙමින්.

එමෙන්ම මාර්තු මාසයේදී රටතුළ ඇතිවූ පළමු කොවිඩ් රැල්ල සාර්ථකව මර්දනය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කොවිඩ් දෙවැනි රැල්ලට ද සාර්ථකව මුහුණ දෙමින්  සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරමින් සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *