කොරෝනා ආසාධිතයින් 420 යි, දින 4ක් ඇතුළත ආසාධිතයින් 100ක්

තවත් ආසාධිතයින් 03 කු අද පෙරවරුවේ හදුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 420 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝගීන් වාර්තා වීම වේගවත් වීමේ තත්ත්වයක් නිරීක්‍ෂණය කළ හැකියි.

පසුගිය ජනවාරි 27 වැනි දින කොරෝනා ආසාධිත චීන ජාතික කාන්තාවක් මෙරටින් වාර්තා වූ අවස්ථාවේ සිට පළමු රෝගීන් 100 වාර්තා වූයේ දින 57 ක් තුළයි. දෙවැනි රෝගීන් 100 දෙනා වාර්තා වූයේ දින 19 ක් වැනි කාලයකි. අනතුරුව දින 09 ක කාළයක් තුළ තුන්වන කොරෝනා රෝගීන් 100 දෙනා වාර්තා වූ අතර, දින 04 ක් වැනි කෙටි කාළයක් තුළ සිව්වන රෝගීන් 100 දෙනා වාර්තා වුණා. ඒ අනුව නිරීක්ෂණය වන්නේ මෙරට කොරෝනා ආසාධීතයින් වර්ධනය වීම වේගවත් වී ඇති බවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *