‘ජනතාව රැවටූ ආණ්ඩුව එළවිය යුතුයි‘ – අනුර කුමාර කියයි

ජනතා අපේක්ෂා ඉටු නොකළ බැවින් 2015 පත්වූ වත්මන් ආණ්ඩුව පළවා හැරිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් පැවසීය.

එහිදි අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ වත්මන් රජය තමන්ට රාජපක්ෂලා පරාජය කිරීමට එන්නැයි ආරාධනා කරනවාලු. නමුත් වංචාව නතර කරයි කියා ජනතාව අපේක්ෂා කළ බවත් ඒ වෙනුවට වත්මන් රජය මහා පරිමාණ වංචා සිදුකළ බවත් රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නතර කළ බවත් රට ණය කන්දක හිර කළ බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

“ආණ්ඩුව පළවා හැරිය යුතුයි කියලා ජනතාව හිතනවා, ආණ්ඩුව පළවා හරින්න ඕනේ, 2015 පළවා හරින ලද පාලනයට ඉඩදෙන්න එපා. වෙනසක් සඳහා මාලිමාවට ඡන්දය දෙන්න.” යැයිද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *