සිංහල ගම්මාන පන්සල් වහා ඉවත් කරන්න

කල්මරමින් සිටි අරසු කච්චි පක්ෂය අවසානයේ සජිත්ට සහාය දෙයි – රට බෙදන කොන්දේසිවලට එකඟවුණාද ?

ඉලංගෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ ජාතික සන්ධානය මෙවර ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරණයේදී සිය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(3) වවුනියාවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇතැයි දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසීය.

යාපනය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් පසුගියදා සකස් කළ අතර මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් ඊට එකඟවන අයකුට සිය සහාය ලබාදෙන බව උතුරේ දේශපාලන පක්ෂ පහක් එක්ව කියා සිටියේය.

එම යෝජනා මෙසේය.

1.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

2.අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

3.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

4.දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

5.අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

6.උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

7.උතුරු – නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

8.මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු – නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

9.මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

10.පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

11.උතුරු – නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

12.උතුරු – නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

13.උතුරු – නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.”යන යෝජනා ඊට ඇතුළත්.

ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයින් වවුනියාව පෞද්ගලික හෝලයකදී අද රැස්වුණු අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා සහ එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී සජිත් ප්‍රේමදාසට සහාය දීමේ තීරණය ගෙන ඇත.

මෙම පක්ෂ සමග පසුගිය දිනවල එජාප නායකයින් සාකච්ඡා කළ අතර ඔවුන්ගේ කොන්දේසිවලට එකඟවන අපේක්ෂකයකුට පමණක් සිය සහාය දෙන බව දෙමළ පක්ෂ කියා තිබිණි. ඒ අනුව අදාළ කොන්දේසිවලට එකඟවීමක් සිදුවූ නිසා මෙම තීරණය ගන්නට ඇතැයි දේශපාලන ආරංචි පවසයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *