චීනයේ නව කොරෝනා වෛරසයෙන් 26ක් මරුට, රෝගීන් 869ක්

බ්‍රහස්පතින්දා (ඊයේ) දිනය අවසානයේදී චීන බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇත්තේ නව කොරෝනා වෛරසය ආසාදන වූ රෝගීන් 869 ක් වාර්තා වී ඇති බවයි. ඉන් රෝගීන් 550කට ආසන්න ප්‍රමාණයක් හුබෙයි හි වුහාන් අවට පළාතෙන් වාර්තා වී ඇත. ඒ අනුව අද උදෑසන වන විට විදෙස් වාර්තා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සදහන් දත්ත ඇතුලත් මෙම ඡායාරූපය සටහන් කර තිබුණි.

එමෙන්ම අද උදෑසන වන විට නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බවට වාර්තා වේ. මෙය ව්‍යාප්ත වූ චීනයේ හුබෙයි හි වුහාන් ප්‍රදේශයෙන් පිටත පළමු මරණ දෙකද වාර්තා විය. ඉන් එකක් බෙයිජිං වලට මායිම් වූ හෙබෙයි පළාතේ වූ අතර අනෙක ඊසානදිග පළාතේ හයිලොංජියැන්ග්හි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *