Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

ගංවතුර අවධානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

ගංවතුර අවධානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

මේ දිනවල පවත්නා අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙර සුදානමක් ලෙස කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය වෙත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් කණ්ඩායම් දෙකක් ස්ථානගත කිරීම ඊයේ දින සිදු කෙරිණි.

කළුතර දිස්ත්‍රික්කය ඔස්සේ ගලා බසින කළු ග‍‍ඟෙහි ජල පෝෂක ප්‍රදේශ වෙත ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කළු ගඟ සහ එහි අතු ගංඟාවන්ගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ගංවතුර අවධානමට ලක්වීමේ හැකියාවක් ඇත. ඒ හේතුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් සිදුවිය හැකි ආපදාවට පෙර එම ප්‍රදේශය වෙත අනුයුක්ත කරන මෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් විසින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හරහා කළ ඉල්ලීමකට අනුව වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර, මුදවා ගැනීමේ හා සහන ඒකකයට අයත් සහන කණ්ඩායම් දෙකක් මෙලෙස බුලත්සිංහල ප්‍රදේශයේ ස්ථාන ගත කිරීමට කටයුතු කරන ලදී.

තවද, ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්ත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් නාවික හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වී ජලය බැස යාම අවහිරවී තිබූ පාලම් පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලද අතර, රටතුල ඇතිවී තිබෙන කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුවද රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාවට ක්‍ෂණිකව සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *