රාමසාන් උත්සවය අදයි

රාමසාන් උත්සවය අදට යෙදී තිබේ.

ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකේ.

කෙසේවෙතත් ලොව පුරා පවතින කොවිඩ් 19 වසගතය හේතුවෙන් සිය නිවෙස්වලට වී මෙවර රමාසන් උත්සවය සමරන ලෙස කොළඹ මහ පල්ලියේ ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති හසන් මවුලානා මව්ලවිවරයා ඉස්ලාම් ජනතාවට දැනුම් දී තිබේ.

මේ අතර රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට ඉස්ලාමීය බැතිමතුන්ට සුභපැතුම් පිරිනමන බව රාමසාන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වර්මානයේ ලොව පුර මුහුණදී ඇති කොවිඩ් වසංගතයෙන් ලෝකවාසි ජනතාව නිදහස් කර දෙන්නැයි යන්න මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රාර්ථනාව වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

වසංගත තත්ත්වය සමග සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවී ඇති බැවින් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ රාමසාන් උත්සවය සැමරීම ඉතා අගනා බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *