Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

වෙසක් පිංකම් නිවෙස්වලට පමණක් සීමා කරන්නැයි තෛනිකායක මහනාහිමිවරුන්,බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

වෙසක් පිංකම් නිවෙස්වලට පමණක් සීමා කරන්නැයි තෛනිකායක මහනාහිමිවරුන්,බෞද්ධ ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පිංකම් තම නිවෙස්වලට පමණක් සීමාවෙමින් පවත්වන ලෙස තෛනිකායික මහනාහිමිවරු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවේ ශ්‍රී සුමංගල හිමි, අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමි, අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමි සහ රාමඤ්ඤය නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාබිධාන හිමි යන තෛනිකායක මහනාහිමිවරුන් සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව දිවයිනේ සියලු විහාරස්ථානවල හා ඉන් පිටතදී ජනතාව එක්රැස්වන දාන සීල භාවනා, වෙසක් තොරණ ආදී කටයුතු සංවිධානය කිරිමෙන් වැළකී සිටින යුතු බව උන්වහන්සේලා පෙන්වා දෙති.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව තම තමන්ගේ නිවෙස් තුළම රැදී සිටිමින් ප්‍රතිපත්ති පූජාවන් හි නිරතවීම යෝග්‍ය බව තෛනිකායික මහනාහිමිවරු සඳහන් කරති.

මේ අතර කොවිඩ් 19 අවදානම හේතුවෙන් රාජ්‍ය වෙසක් උත්සවය සහ වෙසක් පෝයදින වැඩසටහන් අවලංගු කිරිමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *