ගංජා පානය කළ බස් රියදුරු කොන්දොස්තර ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට

මගී බස් රථ තුළ ගංජා පානය කරමින් සිටි මීගමුව – කොළඹ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ දෙකක රියදුරු හා කොන්දොස්තරවරුන් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය වාර්තා කරයි. මෙම සැකකරුවන් සිව් දෙනා පිටකොටුව ගුණසිංහපුර බස් නැවතුම්පොලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
බස් රථ දෙක ද පොලිස් බාරයට ගෙන ඇති අතර බස් සේවකයන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
