අධිකරණයට ඉදිරිපත් වූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඇපමත මුදාහරී

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් 2016 වසරේදී මෙරට සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හරහා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබූ නඩුව සඳහා අත්අඩංගුවට ගැනීමට සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (18) නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවා මීළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කරන ලදී.

එමෙන්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකාර ජයන්ත සමරවීර මහතා රුපියල් 7,500 ක අමතර ඇපයක් මත මුදා හරින ලෙසටද නියෝග කළාය.

ජයන්ත සමරවීර මහතාගේ නීතිඥවරයා සඳහන් කළේ ඊයේ (17) දින පැවති අධික මාර්ග තදබදය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනි සීටිමට නොහැකී වූ බැවින් ඒ පිළිබඳ සිය කණගාටුව පළ කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *