වත්මන් ආණ්ඩුව ගොවියාට නොමිලේ පොහොර ලබාදිය යුතුයි – පියසේන ගමගේ

පොහොර සහනාධාරය ප්‍රධාන තේමාවක් කරගනිමින් බලයට පත්වූ ආණ්ඩුව එයට විසඳුමක් දීමට නොහැකිව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද (18) නෙලුව ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු පියසේන ගමගේ මහතා,

” මේ ආණ්ඩුව බලයට එන්න පොහොර සහනාධාරය ප්‍රධාන මාතෘකාවක් කරගත්තා. ආණ්ඩුව පත්වෙලා මාස හතරක් ගතවුනත් තවම පොහොර හිඟයකින් තොරව ලබා දෙන්න හැකිවෙලා නෑ. ආණ්ඩුව ආවේ පොහොර නිකන් දෙනවා කියලා. නිකන් තියා සල්ලි වලටවත් පොහොර ගන්න නැහැ.

ගොවියෝ අද ඉතාම අසීරු තත්වයකට පත්වෙලා. මිල ඉහල ගියාට අස්වැන්න අඩුවෙලා. එයට ප්‍රධාන හේතුවක් තමයි නිසි කලට පොහොර යෙදීමට නොහැකිවීම.
ඒ නිසා ආණ්ඩුව ගොවියාට දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕන. ඒ සමගම ගොවියාට නොමිලයේ පොහොර ලබාදෙන්න ඕනෑ” යැයි පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *