Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

වුහාන් රෝහලේ අධ්‍යක්ෂක කොරෝනා වයිරසයෙන් මිය යයි

වුහාන් රෝහලේ අධ්‍යක්ෂක කොරෝනා වයිරසයෙන් මිය යයි
  • නිලධාරීන් ගෙයින් ගෙට ගොස් රෝග ලක්ෂණ ඇති නගර වැසියන් සෙවීමේ මෙහෙයුමක.
  • රෝගී තත්වයන් වාර්තා කිරීම ප්‍රමාද වුවහොත් දැඩි දඩුවම්.

වුහාන් හි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් කොරෝනා වෛරසය වැළඳී මියගොස් ඇති බව වාර්ථාවේ.

“වුහාන් වුචැං රෝහලේ අධ්‍යක්ෂක ලියු ෂිමිං (Liu Zhiming) අද පෙරවරු 10.30 ට කොරෝනා වයිරසය වැළඳීමෙන් මිය ගියේය” යනුවෙන් චීන මධ්‍යම රූපවාහිනිය වාර්තා කල අතර පසුගිය සතියේ බ්‍රහස්පතින්දා හුබෙයි පළාතේ ඊෂෝ නගරයේ චීන වෛද්‍ය රෝහලේ හිටපු අධ්‍යක්ෂ ෂු ඩෙපු (Xu Depu) වෛරසයෙන් මියගිය බවට ද තහවුරු විය. අඟහරුවාදා රෝහලේ හෙදියක් ඔහුගේ මරණය තහවුරු කළ බව රාජ්‍ය පුවත්පතක් වාර්තා කරයි.

මාරාන්තික වෛරසයෙන් ආසාදිත රෝගීන් සෙවීම සඳහා බලධාරීන් නගරය තුළ විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්ථා වේ.

මිලියන 11 ක ජනතාවක් සිටින වුහාන් හි ගෙයින් ගෙට ගොස් සියලුම ආසාදිත රෝගීන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර වෛරසය ඇති බවට සැක කරන ඕනෑම කෙනෙකුට අනිවාර්ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන බවත් වෛරස් රෝගීන් සමඟ සමීප සම්බන්ධතා ඇති ඕනෑම අයෙකු නිරෝධායනයකට ලක් කරන බවත් එරට රාජ්‍ය මාධ්‍ය පවසයි.

තාවකාලික ෆැන්ග්කාං රෝහලට සමාන නිරෝධායන මධ්‍යස්ථාන 10 ක් නගරයේ දිස්ත්‍රික්ක අටක් පුරා ස්ථාපිත කෙරෙන අතර මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයින් සඳහා අමතර ඇඳන් 11,400 ක් ලබා දීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. කර්මාන්තශාලා, කාර්මික වතු සහ ප්‍රවාහන මධ්‍යස්ථානවල ගොඩනැගිලි මෙලෙස තාවකාලික නිරෝධායන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වෛරස් යුද්ධය ජය ගැනීමටනම්

වුහාන් නගර නිළධාරීන් සඳුදා නිකුත් කළ නියෝගයකින් අනතුරු ඇඟවූයේ උණ සහ කැස්ස වැනි රෝගී තත්වයන් තම ප්‍රාදේශීය නේවාසික කමිටුවලට වාර්තා කිරීම හෝ රෝගාතුර වුවහොත් නිරෝධායනයකට යාම වැනි අනිවාර්ය ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කරන පුද්ගලයින් “බලහත්කාරයෙන්” එම ක්‍රියාවලියන්ට යොමුකරන බවත් මෙය කොරෝනා වෛරස් යුද්ධය ජය ගැනීම සදහා වූ ක්‍රියවලියක් බවත්ය.

තවද වාර්තා කිරීම ප්‍රමාද කරන හෝ “වසංගතය පිළිබඳ ව්‍යාජ තොරතුරු හා ගොතන ලද අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත කළ” අයට ද දඩුවම් කරන බව ද නියෝගයේ සඳහන් ය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *