කොරෝනා මැඩලීමට බ්‍රිතාන්‍ය විසින් නව එන්නතක් අද අත්හදා බලයි

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් පිරිසක් නව කොරෝනා වෛරස මැඩ පැවැත්වීමට නිර්මාණය කළ එන්නතෙහි පළමු මිනිස් අත්හදා බැලීම් අද (23) සිදු කරනු ලැබේ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පුවත්පත් සාකච්ඡාවකදී පවසා සිටියේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ සකස් කරන ලද මෙම නව එන්නත ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන රෝගීන් කිහිප දෙනකු භාවිත කොට අත්හදා බැලීමේ කටයුතු අද දින සිදු කිරීමට නියමිත බවයි.

මෙම එන්නත් සාර්ථක වුවහොත් එය බ්‍රිතාන්‍ය ජනතාවට හැකි ඉක්මනින් ලබා ගත හැකි වන පරිදි නිෂ්පාදන හැකියාවන් සිදුකිරීම සඳහා රජය ආයෝජනය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *