වැලිසර නාවික කදවුර හුදකලා කෙරේ, නිලධාරින් 30 දෙනෙකුට කොරෝනා

වැලිසර නාවික හමුදාවේ රාජකාරියේ නිරත සෙබළුන් 29 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැලදී ඇති බවට PCR පරීක්ෂණය මගින් තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටී.

ඒ අනුව පෙරේදා (22) දිනයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ වැලිසර නාවික හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ කොරෝනා ආසාධිත නාවික සෙබලා ද ඇතුළු නාවික හමුදා නිලධාරින් 30 දෙනෙක්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී තිබේ.

පවතින තත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත රෝගියාට එම වෛරසය වැලදී ඇති බවට සැකපළ කරන්නේ ඉකුත් දා ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත පුද්ගලයා ඇසුරු කළ පිරිස් සොයා සිදුකරන ලද නාවික හමුදා මෙහෙයුමකට එක්ව සිටි සෙබලෙක් ගෙන් බවටයි මෙහිදී හමුදාපතිවරයා තොරතුරු අනාරවණය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *