ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත්වීම වැලැක්වීමට පාර්ලිමේන්තුව යළි කැඳවන්න – වෛද්‍ය නලින්ද ජයතිස්ස

පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක කාලයකට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි නම් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනිම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් මෙසේ පවසා සිටී

“පාර්ලිමේන්තුව යළි කැදවන්නේ කොරෝනා වලට බේත් හොයාගන්න නෙවෙයි, නමුත් ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත්වීම වලක්වාගැනීමට, ප්‍රජාතන්ත්‍රවාදයට ඔක්සිජන් දීමට, ප්‍රජාතන්ත්‍රවාදය නෙගටිව් වෙන එක නවත්තන්න.

ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරවා මාස 3ක් යන්න කලින් පාර්ලිමේන්තුව කැදවාගන්න ඕනි කියලා. ඉතින් ඒ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න මිසක් මේ පාර්ලිමේන්තුව අපට කැදෙව්වත් එකයි නැතත් එකයි..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *