කොරෝනා ආසාධිතයින් ගණන 440 දක්වා ඉහළට

අද (25) දිනයේදී මේ වනවිට කොරෝනා ආසාධිතයින් 20 දෙනෙක් වාර්තා වෙන අතර, ඒ සමගම මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 440ක් ලෙස ඉහළ ගොස් තිබේ.

කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ සිට නිරෝධායනය සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් සිටි රෝගීන් 07 දෙනෙක් ඒ අතර වන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරන්නේ.

එමෙන්ම බණ්ඩාරනායක මාවතේ අද දින සිදු කරන ලද PCR පරීක්ෂණ මගින් තවත් කොරෝනා ආසාධිතයෙක් වාර්තා වී තිබේ. එම ආසාධිතයා වයස අවුරුදු 12ක දරුවෙක් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කලේ.

තවද වැලිසර නාවික හමුදා කඳවුරේ කළ පරීක්ෂණ මගින් තවත් නාවික හමුදා සෙබළුන් 4 දෙනෙකුද කොරෝනා ආසාධිතයින් බවට තහවුරු වූ බවත් තවත් නාවික සෙබලෙක් මොණරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ආසාධිතයෙක් බවට තහවුරු කරගත් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *