නිවසින් බැහැරව යා හැක්කේ ජාතික හැදුනුම් පතේ අවසන් අංකය අනුවයි

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගෙන බව ජනාධිපති ලේකම් කාර්යාලට නිවේදනය කර සිටී.

ඒ අනුව පුද්ගලයින් සදහා නිවසින් බැහැරව යාමට ඉඩ ලැබෙන්නේ පහත දැක්වෙන ලෙස ජාතික හැදුනුම්පතේ අවසාන අංකය සටහන්ව ඇති ආකාරයට අනුවයි.

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 නම් සදුදා දින,
ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 3 හෝ 4 නම් අඟහරුවාදා දින,
ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 5 හෝ 6 නම් බදාදා දින,
ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 7 හෝ 8 නම් බ්‍රහස්පතින්දා දින,
ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 9 හෝ 0 නම් සිකුරාදා දිනද වශයෙන් දක්වා තිබේ.

නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *