කොළඹ දිස්ත්‍රික්කයේ රැකියාවලට යන අයගේ පහසුවට ලංගම මගින් විධිමත් ක්‍රමවේදයක්

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලික අංශයේ සේවයට වාර්තා කිරීමට නියමිත කාර්යමණ්ඩලයන් සදහා ප්‍රවාහන පහසුකම් සැලසීම සදහා විධිමත් ක්‍රමවේදයක් සැකසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව සේවා ආරම්භ කිරීමට සිටින රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන, අදාළ ආයතනයේ නම, එක් එක් මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියාගේ විස්තර ඇතුළත් කර ඊමේල් පණිවිඩයක් ලබාදීම මගින් සේවාව ලබාගැනීම සඳහා ලියාපදිංචි විය හැකියි.

අදාල තොරතුරු ඇතුළත් ඊමේල් පණිවිඩය [email protected] වෙත ලබන 28 වන දිනට පෙර ලබාදෙන මෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉල්ලීමක් කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *