කොරෝනා අධි අවදානම් කලාපයේ සිට යාපනයට ගිය 7 දෙනෙකු සොයා පරීක්ෂණ

කොරෝනා අධි අවදානම් කලාපයට අයත් කොළඹ ප්‍රදේශයේ සිට පුද්ගලයින් 7 අවසරයකින් තොරව යාපනය වෙත ලොරි රථවල නැගී පැමිණ ඇති බවට ආරක්ෂක ආරංචි මාර්ග වාර්තා කරයි.

එම පිරිස හා යාපනය වෙත ඔවුන් රැගෙන යාමට සහය වූ ලොරි රථයේ රියදුරුවරුන්, සහයකවරුන් අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කිරීමටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ පිරිස යාපනය ගුරුනගර්, පාසෙයූර්, නාවට්කුලි, තෙලිප්පලෙයි, තොල්පුරම් හා සංකානෙයි ආදි ප්‍රදේශයන් වෙත පැමිණ ඇති බවටයි ආරක්ෂක අංශ ආනාවරණය කරගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *