Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

20ට පක්ෂවූ විපක්ෂයේ 8 දෙනා ඉවතට, පාර්ලිමේන්තුවේ වෙනම අසුන් පනවන්නැයි ඉල්ලයි

20ට පක්ෂවූ විපක්ෂයේ 8 දෙනා ඉවතට, පාර්ලිමේන්තුවේ වෙනම අසුන් පනවන්නැයි ඉල්ලයි

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට සමගි ජනබලවේගය තීරණය කළ මුත්, ඊට පටහැනිව පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ සිය මන්තී‍්‍රවරුන් අටදෙනා පක්‍ෂ කණ්ඩායමෙන් ඉවත් කිරීමට සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක රැස්වීමේදී ඊයේ (23) තීරණය කර ඇත.

එමෙන්ම ඔවුන්ට එරෙහිව විනය පරීක්‍ෂණයක් සිදුකිරීම හා පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂ කණ්ඩායමෙන් ඉවත් කර වෙනම අසුන් පනවන ලෙසටද පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටීමටද තීරණය කර තිබේ.

20 වැනි ව්‍යවස්ථාවට පක්‍ෂව ඩයනා ගමගේ, අරවින්ද කුමාර්, ඊෂාක් රහුමාන්, මොහොමඞ් නසීර් අහමඞ්, ෆයිසාල් කාසීම්, මොහොමඞ් හැරිස්, මොහොමඞ් තවුෆික් සහ මොහොමඞ් අලි සබ්රි යන සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු පෙරේදා (22) පැවැති ඡන්ද විමසීමේදී 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය පාවිච්චි කළහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *