එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 119 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනු  ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 254 ලබා ගත්තේය.

එහිදී එංගලන්ත කණ්ඩායම වෙයනුවෙන් නොදැවී ලකුණු 114ක් රැස්කිරීමට නායක Harry Brook සමත් විය.

Jos Buttler පන්දු 44කදී 80ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් ඇතුළත සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 24ක් රැස් කළ අතර දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් රැස්කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *