Online

උසස්පෙළ හා ශිෂ්‍යත්ව අයැදුම් කිරීම මාර්තු 31 තෙක් කල් දැමේ

මෙම වර්ෂයේදී පැවැත්වීමට නියමිත අ.පො.ස. (උසස් පෙළ) විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසාන් දිනය මාර්තු 31 දින දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, මෙතෙක් විභාගයට අයැදුම් කිරීමට නොහැකි වූ අපේක්ෂකයන් සිටියි නම් ඔවුන් අන්තර්ජාලයෙන් පමණක් අයදුම් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වේ නම් 1011 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *