ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ඇතුල් වූ තවත් පිරිසක් සොයා ගැනේ

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා වලින් මෙරටට පැමිණ සිටි තවත් පිරිසක් යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි සොයාගනු ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම පිරිස ඉකුත් 07 වනදා මෙරටට පැමිණ ඇති බවට සැක කරන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ මෙවැනි ක්‍රියා සඳහා ආධාර අනුබල දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව පියවර ගන්නා බවයි.

මේ අතර නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව ද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

ඒ අනුව මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 දී පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 8,747ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *