තවත් දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දිස්ත්‍රික්ක 03කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනු ලැබුවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පාළුගහවෙල හුදෙකලා කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම පොලිස් බල ප්‍රදේශයේ කරදුන්ගොඩ, ගොවියාපාන, කහවන්නගම සහ දොම්මන්ගොඩ මෙන්ම හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ ලණුමෝදර, බොනවිස්ටා, කටුකුරුන්ද යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලාවට ලක් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙනවක – පාතකඩ සහ දිප්පිටිගල මෙන්ම කුරුවිට පොලිස් බල ප්‍රදේශයේ කුරුවිට ග්‍රාම නිලධාරී වසම හුදෙකලාවට ලක් කර තිබේ.

මීට අමතරව දෙල්ගමුව වසමේ නාගරික ප්‍රදේශයද හුදෙකලාවට ලක් කර ඇති බව යුද හමුදාපතිවරයා නිවේදනය කළේය.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල, අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝඩස්වත්ත වසමේ ගෝනගල්ල කොටස සහ අක්කර 30 කොටස අද උදෑසන සිට හුදෙකලාභාවයෙන් නිදහස් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *