ඒ අනුව එලෙස ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන සියලු දිස්ත්‍රික්ක වහාම අගුලු දැමීමකට ලක් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
දිස්ත්‍රික්ක එලෙස වසා දමනවා නම් ඒ සති 06 කට හෝ 08 ක කාලසීමාවකට යටත්ව සිදුකළ යුතු බවත් ඔහු පෙන්වා දුනි.
කොරෝනා වෛරසයයේ ව්‍යාප්තිය හමුවේ දරුණු තත්ත්වයකට මුහුණ පා ඇති ඉන්දියාවෙන් වැඩි කොටසක් වසා දැමිම යුතු බවට ඉන්දීය රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු විසින්ම පැවසූ පළමු අවස්ථාව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය රජය සමස්ථ ඉන්දියාවම වසා දැමීම මේවනතුරු ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ එලෙස රටම අගුළු දැමුවහොත් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වන බව පවසමිනි.
පවතින තත්ත්වය අනුව අගුළු දමනවාද නැතහොත් සංචරණ සීමා පනවාද යන්න සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල ප්‍රාන්ත රජයන්ට පැවරීමට මෝදි රජය පියවර ගෙන ඇත.
කෙසේවෙතත් ඉන්දියාව තුළ මේවනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්යට හමුවේ රටින් වැඩි කොටසක් සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව එරට සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි.
ගතවූ පැය 24 දී ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් තුන් ලක්ෂ හැට දෙදාහක් ක් වාර්තා වුණි.
එම කාලය තුලදී වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4120 ක්.