ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය වාර්තාගත ඩොලර් බිලියන 785.7ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය සංචිත බැංකු දත්ත අනුව වාර්තා වේ.
ශක්තිමත් ප්‍රාග්ධන ගලා ඒම් හේතුවෙන් එක් සතියක් තුළ පමණක් විදේශ සංචිතය ඩොලර් බිලියන 45කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
සැප්තැම්බර් 4 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඉන්දියාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 740.8 සිට ඩොලර් බිලියන 785.7 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය අඛණ්ඩව සංචිත ඉහළ ගිය 10 වැනි සතිය වේ.
පසුගිය සති 10 තුළ ඉන්දියාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 120කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. ඩොලර් ගලා ඒම් තවදුරටත් ආකර්ෂණය කර ගැනීම සහ රටේ ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳහා ජුනි මාසයේදී හඳුන්වා දුන් ක්‍රියාමාර්ගවලින් පසුව මෙම වර්ධනය සිදුව ඇත.
ජුනි 5 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කළ එම ක්‍රමවේද ඔස්සේ ඉන්දීය සංචිත බැංකුවට ඩොලර් බිලියන 136.3ක මුදලක් ලැබී ඇති අතර, ඉන් ඩොලර් බිලියන 127ක් පමණ විදේශගත ඉන්දියානුවන්ගේ තැන්පතු මගින් ලැබී ඇති බව සඳහන් වේ.
නවතම සතියේ සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ මුදල් වත්කම් ඩොලර් බිලියන 47.4කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 648.2ක් දක්වා වර්ධනය වීමයි.
කෙසේ වෙතත්, ඉන්දියාවේ රන් සංචිතයේ වටිනාකම ඩොලර් බිලියන 2.6කින් පමණ පහළ ගොස් ඩොලර් බිලියන 113.8ක් වී තිබේ.
ඉන්දීය රුපියලට සහාය ලබාදීම සඳහා ඉන්දීය සංචිත බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වී ඇති අතර, බැංකුකරුවන් පවසන්නේ එම මැදිහත්වීම හේතුවෙන් ශක්තිමත් ඩොලර් ගලා ඒම්වල බලපෑමෙන් කොටසක් සමනය වී ඇති බවට සැලකිය හැකි බවයි.
ඉන්දියාව සතු මෙම වාර්තාගත විදේශ සංචිත මට්ටම ගෝලීය මුදල් වෙළෙඳපොළේ ඇතිවන බාහිර ආර්ථික කම්පන සහ දැඩි උච්චාවචනයන්ට මුහුණ දීම සඳහා රටට සැලකිය යුතු ආරක්ෂිත මූල්‍ය පදනමක් සපයය


