ඉතාලිය

ඉතාලිය නගර වසාදමයි – පුද්ගලයින් මිලියන 16 නිරෝධායනය කරයි

සති අන්තයේ සිදු වූ මරණ හා ආසාදන සංඛ්‍යාව ඉහළ යාම හා චීනයෙන් පිටත දරුණුතම බලපෑමට ලක්වූ රට බවට පත්වීම නිසා ඉතාලිය වෛරසය පැතිර යාම වැළැක්වීමට දැඩි පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ඉතාලියේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව ඉරිදා 7,375 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 366 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

යුරෝපයේ විශාලතම කොරොන වයිරසය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන ඉතාලිය රටේ උතුරු ප්‍රදේශයේ මිලියන 10 කට අධික ජනතාවගේ ගමන් බිමන් සීමා කර ඇති අතර ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ඉරිදා අලුයම නියෝගයකට අත්සන් තබා මුළු ලොම්බාර්ඩි කලාපයට සහ තවත් පළාත් 14 කට ගමන් තහනම් කළේය.

මෙම තහනමේන් බලපෑමට ලක්වූ ස්ථාන අතර මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මිලාන් සහ සංචාරක ගමනාන්තය වන වැනීසියද ඇතුලත් වන අතර පාසල් හා විශ්ව විද්‍යාල වැසීම සහ සියලුම පොදු සිදුවීම්, ක්‍රීඩා ඉසව් සහ සිවිල් හා ආගමික උත්සව අවලංගු කිරීම ඇතුළු දැඩි ක්‍රියාමාර්ගයන් ඇතුලත් වේ.

අපේ‍්‍රල් 3 වනදා දක්වා බලපැවැත්වෙන මෙම සීමාවන් පිළිපදින්නේ නැති අයට මාස තුනක සිර දඩුවමක් සහ යුරෝ 206 ක දඩයක් (ඩොලර් 232) ගෙවීමට සිදුවන් බවට තවදුරටත් වාර්තාවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *