ඇමසන් ලොක්කාගේ දුරකතනය ‘සෞවුදි ඔටුන්න හිමි කුමරු හැක් කරලා’

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ලෝකප්‍රකට ඇමසන් නිර්මාතෘ, ප්‍රකෝටිපති ජෙෆ් බෙසොස් ගේ ජංගම දුරකථනය සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ පුද්ගලික ගිණුමෙන් යවා ඇති වට්ස් ඇප්  පනිවිඩයක් මගින්  “හැක්” කර ඇති බව විදෙස් මාධ‍ය් වාර්තා කරයි.

2018 වර්ශයේදී සිදුවී ඇතැයි කියන මෙම සිද්ධියෙන් විශාල දත්ත ප්‍රමාණයක් පැය කිහිපයක් ඇතුළත බෙසොස්ගේ දුරකථනයෙන් සොරාගෙන ඇතිබව වාර්තාවන නමුත්  දුරකථනයෙන් ලබාගත් දේ හෝ එය භාවිතා කළ ආකාරය පිළිබඳ තොරතුරු කිසිවක් මෙතෙක් අනාවරනය වී නොමැත.

ඩිජිටල් විශ්ලේෂණකයන්ට අනුව මොහොමඩ් බින් සල්මාන් භාවිතා කළ පුද්ගලික අංකයෙන් සංකේතාත්මක පණිවිඩයක් (encrypted message) මගින් ලෝකයේ ධනවත්ම පුද්ගලයාගේ දුරකථනය තුළට අනිෂ්ට ගොනුවක්  (malicious file) ඇතුළත් වී ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔවුන් සැක කරන්නේ කරන්නේ සවුදි උරුමක්කාරයාගේ ගිණුමෙන් වොෂිංටන් පෝස්ට් හි හිමිකරු වන බෙසෝස් වෙත යවන ලද ආසාදිත වීඩියෝ ගොනුවක් මගින් දුරකථනය තුළට ඇතුළුවීමට ඇති හැකියාව “අතිශයින්ම ඉහළ සම්භාවිතාවක්” ඇති බවය.

මොවුන් දෙදෙනා මිත්‍රශීලී වට්ස්ඇප් හුවමාරුවක් පවත්වා ඇති බව වාර්තා වන අතර  බෙසොස්ගේ ආරක්ෂක ප්‍රධානී ගේවින් ඩි බෙකර් පසුගිය මාර්තු මාසයේදී ඩේලි බීස්ට් පුවත්පතේ ලියා ඇත්තේ ඔහු සිය විමර්ශනය පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇති බවය. නමුත් දුරකථනයට ප්‍රවේශ වූ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරක් ප්‍රසිද්ධියේ හෙළි කර නොමැති බව වාර්තා වේ.

මෙම සිදුවීමට මාස පහකට පමණ පසු 2018 ඔක්තෝම්බර් මාසයේදී  සිදු වූ වොෂිංටන් පෝස්ට් මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය මෙම සිදුවීමේ අතුරු ප්‍රතිපලයක් දැයි විදෙස් මාධ‍ය සැක පළ කරන අතර, ඔවුන් වාර්තාකරන පරිදි ජමාල් කෂෝගිගේ ඝාතනය පිටුපස  ඔටුන්න හිමි කුමරු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්  සිටින බවට තහවුරු කළ හැකී “විශ්වාසදායක සාක්ෂි” ලැබි ඇත.

මෙම සිදුවීම හෙලිවීමත් සමගම බෙසොස්ගේ පෞද්ගලික ජීවිතය – කෙටි පණිවුඩ ඇතුළුව සමීප තොරතුරු එක්සත් ජනපද ටැබ්ලොයිඩ් ජාතික පුවත් පත විසින් ප්‍රකාශයට පත් කලේ කෙසේද යන්න පිළිබඳව සැක මතුවන බව පෙන්වා දෙන විදෙස් මාධ‍ය මෙම හෙළිදරව්ව සෞදි අරාබි රාජධානියට අසීරු ප්‍රශ්න රැසකට මැදිවීමට හේතුවක් වන බව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *