අභිරහස් කොරෝනා වෛරසය අමෙරිකාවට, චීනයේ පුද්ගලයින් 6ක් ජීවිතක්ෂයට

අභිරහස් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 300 කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී ඇති බවට වාර්තා වේ.

තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ එක්සත් ජනපදය යන රටවලටද මේ වනවිට රෝගීන් වාර්තා තිබේ. වෛරස වාර්තා වූ නවතම රට වන්නේ එක්සත් ජනපදයයි. චීනයේ සිට සියැටල් වෙත පැමිණි එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකුගෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇති බව රෝග මර්දන මධ්‍යස්ථාන පවසයි. ඔහු ජනවාරි 15 වැනි දින චීනයේ වුහාන් සිට පැමිණි අයෙකි. සිද්ධිය පාලනය කිරීමට උතුරු කොරියාවද විදේශීය සංචාරකයින් සඳහා දේශසීමා තාවකාලිකව වසා දමා ඇති බවට වාර්තා වේ.

මෙම වෛරස පැතිරීම චීනයේ සිදු වන්නේ වසරේ කාර්යබහුලම සංචාරක කාලය හා චීන නව අවුරුදු කාලවකවානුවේදීය. කොරොන වයිරසය මුලින්ම හඳුනාගත් වුහාන්හි, අඟහරුවාදා දිනයේදී නව පියවර මාලාවක් ප්‍රකාශයට පත් කළ අතර එළඹෙන අලුත් අවුරුදු සැමරුම් අවලංගු කිරීමටද කටයුතු කරන ලදී.

සංචාරක ආයතනවලට වුහාන් වෙතින් පිරිස් රැගෙන යාම තහනම් කර තිබේ. වෛරසය මුහුදු ආහාර හා සත්ව වෙළඳපොලකට ආශ්‍රිතව පැතිරීම ආරම්භ වූයේ යැයි සැලකෙන බැවින් කුකුළු මස් හෝ මාංශ පිණිස වන සතුන් ප්‍රවාහණය කිරීම සම්බන්ධව, පොලිසිය විසින් නගරයට ඇතුළුවන සහ ඉන් පිටතට පැමිණෙන පුද්ගලික වාහන පිළිබඳව ස්ථානීය පරීක්ෂාවන් සිදුකරන බව වාර්තා වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං පසුගිය සඳුදා “වෛරසය පැතිරීම වැළැක්වීමට උපරිම පියවර ගන්නා ලෙස” නියෝග කිරීමෙන් පසුව මෙම නව පියවර ගෙන තිබේ. කෙසේවෙතත්, එය පාලනය කිරීමට ගන්නා උත්සාහයන් ප්‍රමාද වී ඇති බවටත් දැන් ඒ පිළිඹද භීතියක් ඇති වී ඇති බවටත් වාර්තා වේ.

කොරෝනා වෛරස් තත්වය ආසාධනය වූ රෝගීන් තහවුරු වූ ප්‍රදේශ (අමෙරිකාව හැර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *