ඇන්ටිජන් ප්රතිදේහ පරික්ෂාව දැනට රජයෙන් පමණයි.

ඇන්ටිජන් ප්රතිදේහ පරික්ෂාව සිදුකිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දී නැතත් රජයේ අංශ මගින් පරීක්ෂණ දිගින් දිගටම සිදුකිරීමට ජාතික කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා.
ඊයේ රැස්වු කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය සිදුකල සාකච්ඡාවේදී ඔවුන් වැඩිදුරටත් අවදානය යොමු කර ඇත්තේ නව ආසාදිතයින් වාර්තා වන බණ්ඩාරගම, නුවරඑළිය-මස්කෙළිය, මහනුවර – මහයියාව ඇතුළු ප්රදේශයන් සම්බන්යෙනි.
මෙම ප්රදේශ සියල්ල තුල ඇන්ටිජන් ප්රතිදේහ පරික්ෂාව වැඩි වැඩියෙන් සිදුකරමින් ආසාදිතයින් හදුනා ගැනීමට ඉක්මනින් කටයුතු කිරීමට අවදානය යොමුව ඇත.
