ආයුධ සමග පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 35ක් වන නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැතහොත් මහරගම සමීර නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක් විසින් ඊයේ (27) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා ඔහුව පාදුක්ක පොලීසිය වෙත භාරදී තිබේ.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සතුව තිබුනු රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, හඳුනානොගත් 50 හා 14 ලෙස සඳහන් උණ්ඩ 08ක්, මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 06ක්, මිලිමීටර් 09 වර්ගයේ සරඹ උණ්ඩ 01ක්, අමෙරිකාවේ නිෂ්පාදිත රම්බෝ උල් පිහියක් සහ කඩුවක් තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධානතම සාමාජිකයෙකු බවද පොලිසිය විසින් අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *