ඉදිරියේ දී සියලු පාසල් විවෘත නොකොලොත් සා.පෙ විභාගය කල්දැමීමට වේවි.- අධ්‍යාපන ඇමති ජී. එල් පීරිස්

ඉදිරි කාලය තුල යම් හෙයකින් පාසල් සියල්ල විවෘත කරගත නොහැකි වුවහොත් සාමාන්‍ය පෙල විභාගය කල් දැමීමට සිදුවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසීය.

දැනට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සදහා දින නියම කරගෙන ඇත්තේ 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වාය. නමුත් ඇති තත්වය අනුව තවත් සතියක් හෝ දෙකක් පාසල් ඇරඹීම සිදුකල නොහැකි වුවහොත් විභාගය කල්දැමීමට සිදුවන බව අධ්‍යාපන ඇමති පැවසීය.

නමුත් සෞඛ්‍ය විශේෂඥයින් පවසන ආකාරයට යම් හෙයකින් පාසල් ආරම්භ කලහොත් ක්‍රිඩා කටයුතු ආරම්භ නොකල යුතු බව ඔවුන් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *