ආණ්ඩුව අසමත් බව ගතවෙන තත්පරයක් පාසාම ඔප්පු කර පෙන්වනවා – සජිත්

වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසරක් ගත වී ඇති අතර, ගතවෙන හැම තත්පරයක් පාසාම ආණ්ඩුවේ අසමත් කම ඔප්පු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා.

“වත්මන් ආණ්ඩුව මේ වෙද්දී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කරගෙන දැවැන්ත දඩයමක් දියත්කර තියෙනවා. ආණ්ඩුව පත්වී වසරක් ඇතුළත සිදුවන මේ බරපතළ ප්‍රහාරය විපක්ෂයක් විදියට තරයේ හෙළා දකිනවා. එමෙන්ම ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරමින් දැඩි මර්දනයක් දියත් වෙනවා. මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙනයන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා. කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *