වාහන ආනයන සීමා අඛණ්ඩව ඉදිරියට

රට තුළ වාහන එකලස් කළ හැකි නම් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවත්, එනමුත් මේ වනවිට පනවා ඇති වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය කිසිසේත් බලාපොරොත්තු නොවන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා පවසයි.

මේ පිළිඹදව අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

“වාහන ආනයනයට අවසරදීම ගැන දැනට තීරණයක් අරන් නෑ. වාහනයක්ද, මුළු රටක්ද කියලා තමයි අපි මේ වෙලාවේ බලන්නේ. අපිට මේ මාස දහයක් විතරම විනිමය අනුපාතය රුපියල් එකසිය අසූ පහ මට්ටමේ තියාගන්න පුළුවන් වුණා. වාහන ගේන්න ඉඩ දුන්නා කියලා කියන්නේ මේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා රට තුළ වාහන එකලස් කරනවා නම් අපි ඕනෑම සහයෝගයක් දෙනවා. මෝටර් බයිසිකලයක් හරි එකලස් කරනවා නම් ඒක මේ රටේ ආර්ථිකයට අගයක් එකතු කරනවා. එයින් අදහස් වෙන්නේ නෑ අපි ආනයනය නවත්වනවාම කියලා. අපි එහෙම කරන්නෙත් නෑ. සමහර නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය පිටරටින් ගේන්න වෙනවා. සමහර නිමි භාණ්ඩ අපි ගේන්නේ නෑ. කහ ගේන්නෙත් නෑ,” යැයි මුදල් අමාත්‍යාංහ ලේකම් වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *