අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි

පාර්ලිමේන්තුව අද (19) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව ඇති අතර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට යෙදී තිබේ.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසන්නේ ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වීමට නියමිත අතර එදිනම පස්වරු 05.00 ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *