අළුත උපන් බිලිඳුන් බාහිර පුද්ගලයින්ගෙන් ප්‍රවේසම් කරගන්න

අලුත උපන් බිලිඳුගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතාම අඩු බැවින්, ඒ අනුව කොවිඩ්-19 වෛරසය ආසාධනය වීමේ හැකියාව ඉහළ බැවින් ඔවුන් බාහිර පුද්ගලයන්ට මුහුවීම 100% ක්ම වළක්වාලන්නැයි ළමා රෝග පිළිබඳ වි​ශේෂඥ වෛද්‍ය සමන් කුමාර මවුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

එමෙන්ම වෛරසය ආසාදනය වී ඇති මවක් දරු ප්‍රසූතියක් සිදු කළේ නම් එම මව දරුවා අල්ලන සෑම විටම දෑත් හොඳින් පිරිසිදු කිරීමටත්, සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණයක් පැලඳීමට හා මව්කිරි දීමට පෙර පියයුරු පිරිසිදු කිරීමටත් වගබලා ගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් උපදෙස් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *