LK reports news sinhala

අයිඑස් නායකයා යළිත් හඬ අවදිකරයි

ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි විසින් සිය සංවිධානයට අයත්  අල්-ෆුර්කාන් මාධ්‍ය ජාලය හරහා හඬ පටයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. මිනිත්තු 30 ක කාලයකින් යුතු එම හඬපටය හරහා ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයේ මෙහෙයුම් තවමත් අවසන් වි නොමැති බවත්, එය තවදුරටත් පෙරමුණු කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අල් බග්ඩාඩි ප්‍රකාශ කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී මිනිත්තු 18ක විඩියෝවක් මගින් ඔහු සිය අනුගාමිකයින් අමතා හඬ පටයක් නිකුත් කර තිබූ අතර ඉන් මාස 5කට පසු මෙසේ ඔහු නැවතත් හඬපටයක් නිකුත් කර ඇතැයි පැවසේ.

එසේම මෙම හඬපටය හරහා ඉස්ලාමිය පුරෝගාමින් ලෙස යහපත් ලෙස කටයුතු කරන්න. එහි ප්‍රතිපලය අල්ලාගේ අතේ ඇත්තේ. ජයග්‍රහණය හෝ පරාජයේදී ඔබ ඔහුගේ ස්ථානයේ සිටිනු ඇත. සිදු කරමින් සිටින මෙහෙයුම් තවදුරටත් ඉදිරියට කරගෙන යන්න‘‘ යනුවෙන් ඔහු සිය IS අනුගාමිකයින්ට දැනුම් දී තිබේ.

මේ අතර සිරියාවේදි සහ ඉරාකයේදි අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටින IS සංවිධානයට අයත් කාන්තාවන් සහ ළමුන් නිදහස් කර ගැනිමට ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගන්නා ලෙසත්, සිය සංවිධානයේ බලය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින සිරියාව සහ ඉරාකයට අමතරව මේ වන විට තම සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ඇතුළු රටවල් කිහිපයක මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

(Image – The National)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *