Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න

අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ඊයෙ (11) පවසා සිටියේ කොරෝනා වෛරසයෙන් මහජනයා ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකිකයන් වශයෙන් සියලුම දෙනා රජයට සහය ලබා දිය යුතු බවත් රටතුළ සිදුකරන නිරෝධායන කටයුතු සඳහා සහය ලබා නොදෙන පිරිසට නැවතත් ඔවුන් පැමිණි රටවලට ආපසු යා හැකි බවත්ය.

කොල්ලුපිටිය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හමුදා ප්‍රකාශකවරයා එසේ පැවසීය.

රටේ මිලියන 21 ක් වූ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම හා ජාතික ආරක්ෂාවේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත පැවරී ඇති බවත් මෙවැනි අවස්ථාවක රජයේ නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වන පිරිසට එරෙහිව කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදනය ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් , මෙම රෝගය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සදහා අනිවාර්යයෙන් දින 14 ක කාළයක් නීරෝධායන ක්‍රියාවලියකට ලක් කළ යුතු බවට රජය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ පිළිබඳව අදාළ ආයතන සහ විශේෂයෙන් කටුනායක ගුවන් තොටුපළ දැනුවත් කර ඇති බව ගුවන් තොටුපළ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .

කෙසේ වෙතත් මේ පිළිබඳව මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන තෙක්ම , මෙම නීරෝධායන ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වී නොතිබීම නිසා , මෙවැනි ගැටුම්කාරී තත්වයක් කටුනායක ගුවන් තොටුපළ තුළ නිර්මාණය වී ඇති බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

දැනට භාවිතා කෙරෙන ක්‍රියාවලිය මගින් ගුවන් මගීන් මෙම රෝගය ආසාදනය වී ඇත් ද යන්න අනාවරණය වන අතර , ඔවුන්ගේ දරු පවුල් සහ සමස්ථ රටේ ජනතාව ද මෙම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වන බවද සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය .

විදේශීය ශ්‍රමිකයන් මෙරටට පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නීතියට අනුව කටයුතු කළ යුතු බවත් මෙම පිරිස බලා ගැනීමේ වගකීම තමන්ට ඇති බවත් පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඔවුන් අතරින් කිසිවකුට හෝ කොරෝනා වෛරසය ශරීරගත වී තිබුණ හොත් එය රට තුළට ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවශ්‍ය නිසා එම සියලු දෙනා දින 14 ක නිරෝධයනයට යොමු කිරීමකළ යුතු බවත් සඳහන් කළේය.

මඩකලපුව පුනානි හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටින පිරිසට රජය ලබාදියහැකි උපරිම පහසුකම් ලබා දී ඇති බවත් හමුදා ප්‍රකාශවරයා සඳහන් කළේය. ශ්‍රි ලංකාවට පැමිණ මෙම පිරිස පුනානි හා කන්දකාඩු මධ්‍යස්ථාන හැර වෙනත් කිසිඳු මධ්‍යස්ථානයක රඳවා නොමැති බවද ප්‍රකාශකවරයා පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *