එජාපය

එජාපය හා සජිත් සන්ධානය වෙන් වෙන්ව මහ මැතිවරණයට

පැවති සාකච්ඡා ආසාර්ථක වූ හෙයින් එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන්ද සමගි ජන බලවේගය දුරකථනය ලකුණෙන්ද ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂවල මහලේකම්වරු පවසනවා.

මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මහ මැතිවරණයට තරගවදින පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරු සහ නියෝජිතයන් මැතිවරණ කොමිෂන් සභාව කැඳවා තිබු සාකච්ඡාව අවසානයේ මාධ්‍යට කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සහ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවල පලක් නොවූ බැවින් මැතිවරණය සඳහා වෙන් වෙන්ව තරගවදින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *