Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දැඩි තීරණ – වජිර අබේවර්ධන

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දැඩි තීරණ – වජිර අබේවර්ධන

පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත් යම්කිසි පිරිසක් එවැනි තීරණයක් ගතහොත් ඒ සියලු දෙනාගේම සංවිධායකකම්, පක්ෂයේ නිලතල ඒ මෙහොතේ සිටම අහෝසි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයෙ(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

සමගිය සහ පක්ෂයේ අනාගතය වෙනුවෙන් සිතා එක්සත් ජාතික පක්ෂය නිහඬව කටයුතු කරන බවත් එය දුර්වලකමක් ලෙස තේරුම් අරගෙන යම්කිසි පිරිසක් ක්‍රියාකලොත් එය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ක්‍රියා කරන බවද අබේවර්දන මහතා කියා සිටි අතර ජනාධිපතිවරණයෙන් පසුව රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ ඇතැම් පිරිස් වැරදි ලෙස අරථකතනය කරමින් සිටින බවත් ඉදිරි මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂ මහලේකම්වරයා විසින් එම තීන්දු තීරණ ලිඛිතව මාධ්‍ය වෙත නිදහස් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *